ගොක්කොල මල් හදා හැමතැන සරසනවා..
ගෙමිදුල මඩු ගසා පුටු හෙම ගෙන එනවා..
"මාෂල්" උගේ අවමගුලට සැරසෙනවා..
"මල් මිටි" වැඩේ එක "ගැන්" එකකට දෙනවා..
"ගල් දිය" කේස් එක අංකල්ලට දෙනවා..
"කිරි තේ" වැඩේ කෙල්ලන් හට පවරනවා..
"තෝං බෝතලේ" ලොකු මලයට දෙනවා..
මේ මේ ඉසව් වල කොඩි වැල් ඇදි යුතු වේ...
හැම මංසලම තොරණින් සැර සිය යුතු වේ..
රට හැම තැනින් "සෝ වැකි" ගෙන ආ යුතු වේ..
"මාෂල්" ගමේ කොල්ලන් හට දැන් සැර වේ..
කාලය පියාඹයි හිමිහිට මද පවනේ..
සඳ තරු නිදි වරයි රෑ තුන් යම ගුවනේ..
වැව් තාවුල්ල අසබඩ නා ගස් සෙවනේ..
"මාෂල්" යයිද අදවත් අවසන් ගමනේ..
අවසන් පැතුම..
ලමුන් ඇති අය ගේ ලමුන් හට ඉගැනුමෙන් නිසි පල ලැබෙන්නයි..
අපි කෙසේ මුත් තියෙන ඇත්තෝ ළමුන් හට හොද හැටි උගන්නයි..
සවිය බල සිය ගතට දේවා ! හිතේ හැටියට වැඩ කෙරෙන්නයි..
යාන්තං කළුවර වැටෙන විට බිරින්දෑවරු ඇඳට එන්නයි..
අවසන් ඔවදන..
රටේ ජාතියේ තිබෙන අයිතිය බිඳක් නෑරම ඉල්ල පල්ලා..
අපේ කම හදවතේ රඳවා මිනිස් පහනක් අල්ල පල්ලා..
නිදන්නට රෑ ඇදට ගියවිට නොයිඳ බොරුවට හොල්ල හොල්ලා..
ලැබූ වසරේ බයක් නොමැතිව මාර සෙල්ලම අරඹපල්ලා..
ප/ලි
කට තිත්තයි.. මේලෝ රහක් නෑ..
99F ට වැඩිපුර උණ තිබ්බ වෙලාවේ ලියැවෙච්ච විකාර කවි..