Friday, April 25, 2014

ඇය පොඩ්ඩී නම් විය.

ඇය මුලින්ම විශ්වවිද්‍යාලයට එනවිට පලවැනි සමාසිකය හමාර වන්නට ආසන්නව තිබිණ.
“මේකි බකට් නොවිච්ච එකියක් “ බොහෝ දෙනා ඇය ගැන පවසන්නට විය.
අනෝරා වැසිඇති දිනයක ඇය ඇදගෙන විශ්වවිද්‍යාලය මැදින් ගලායන ඇළ පහර ලගට ගොස් ගලා ආ මඩ දියෙන් රිසි සේ ඇය නැහැවීය. අැය අැතුළු සියල්ලොම සතුටු විය දැන් අැය කුණු ප්‍රෙෂියකු නොවේ..

ඇගේ ගම්පලාත බුත්තලය. අැගේ පියා ඔවුන්ව අතැරගොස් ඇත. ඇගේ මව සීනි කර්මාන්ත ශාලාවේ කම්කරු රැකියාවක් කරයි. විටින් විට හමුවී දොඩමලු වූ විට ඇයගෙන් අපි යම් යම් තොරතුරු දැනගතිමු. මැය දිනයක් හැර දිනයක් නිවසට යයි, පහුවදා යලි පැමිණෙයි. සටහන්  ඡායා පිටපත් කරගනී‍. දන්නා අයකුගෙන් පොඩි පොඩි කුප්පි දමා ගනී. කෙසේහෝ පලමු විභාගය අවසන් විය. බැජ් එකේ සියල්ලෝම එකිනෙකා බකට් කරගනිති. ඇය නොමැත. සියල්ලට හොරෙන් ඇය නිවස බලා පිටත්වී ඇත.

ස්ටිකර්ස් විකිනීම, කැට කිරීම, විශ්වවිද්‍යාලයේ අයට අරුම දේවල් නොවේ. අපද එහි යෙදුනෙමු. මේ මේ ටවුන්වල මේ මේ අය කැටේ කරන්න ඕන, පෙර දින රාත්‍රියේ සැලසුම් හදයි. පසුදින උදෑසන ඇය කාටහෝ කනපින්දම් කියා ඇය කැමති ටවුන් එක ඉල්ලා ගනී. බොහෝ විට වැල්ලවායය. දවල් 12 වන වි‍ට ඇය කැටය කාටහෝ දී අතුරදන් වී ඇත. පසුව ඇගෙන් ඒ පිළිබඳ විමසු විට හදීසියක් වී නිවසට ගිය බව පවසයි. හදීසිය කුමක්දැයි නොපවසයි. විශ්වවිද්‍යාලයේ සිදුකරන කිසිදු පොදු කටයුත්තකට ඇගේ දායකත්වය නොලැබුණු තරම්ය. එනිසා බැජ් එකතුල ඇය බැණුම් ඇසූ වාර ගනන අනන්තය.

අන්තිමට බැජ් එකේ සියළු දෙනා එක්වී සාමූහික තීරණයක් ගත්හ.

“පොඩ්ඩිට මඩ බකට් එකක් දෙන්න ඕන”

යෝජනාව එකමතිකව සම්මත විය. පසුදින දෙනෝදාහක් දෙනා ඉදිරියේ කුණු බිත්තර කවලම් කල ඉදුල් වතුර බාල්දි කිහිපයකින් ඇය නැහැවීය. එය බලා සිටන්නන්ට මහත් ආනන්දයක් විය. කුණු වතුරින් නැහැවුනු ඇය මාර්ගය දිගේ යනවිට රැස්ව සිටි පිරිස් ප්‍රීතියෙන් අත්පොලසන් දෙන්නට විය.

ඇය නොසැළුනේය. ඇගේ නෙතින් එක කඳුලක් නොනැගින. නේවාසිකාගාරයට ගිය ඇය හොඳින් නා පිරිසිදු වී වෙනත් ඇඳුමක් ඇද සිනහමුසු මහුණින් ඊලග දේශණයට සහභාගී විය.

“මචං පොඩ්ඩි ගැන ලොකු ආරංචියක් තියෙනවා”

නිවස බලා ගොස් නැවත පැමිණි අප සගයකු එසේ පැවසූයේ මැණිකක් සොයාගත්තාටත් වැඩි ප්‍රීතියෙනි.

“මොකක්ද ?”

“ඕකි මෙහේ පත්තිනි අම්ම වගේ හිටියට අම්බ ගොනෙක් බං”

“අනේ පලයං බං යන්න නිකං කෙප්ප කෙලින් නැතිව“

“සිරා මචං ඕකි ඒ පැත්තෙ හැමෝම අදිනවලු, මගේ යාලුවෙකුත් ගහල තියෙනවා, ඌ තමයි කව්වේ”

“නෑ.. බොරු කියන්න එපා බං”

“උගේ ගාව මේකිගෙ පොටෝ එකකුත් තියනවලු. හරි මං ගෙනල්ල පෙන්නංනංකෝ”

“එහෙනං මේකිගෙ ජොබ් එක මේක වෙන්න ඇති, හැමදාම හැන්දෑවට දුවගෙන යන්නේ”

“යකෝ මේකිට අපේ ඒවා හොද නැද්ද දන්නෑ”

“අපිට ඉතිං ගැහුවා කියල දෙන්න සල්ලි කොහෙද මේකි යනවා ඇත්තේ ලොකු ලොකු පොරවල් ලගට වෙන්නැති”

ඇය පිළිබද තොරතුරු කොල්ලන් අතර සාකඡ්ඡාවූයේ එවැනි අයුරිනි. අපේ සගයා කියූ පරිදිම ඊලග සතියේ ඇයගේ නිරුවත් ඡායාරූපයක් ගෙනැවිත් තිබිණ. ඇදක් මත දිගාවී එක් අතකින් පියයුරු ද අනික් අතින් රහස් පෙදෙසද වසා ගැනීමට කරන අසාර්ථක උත්සාහයක් ඡායාරූපයෙන් දක්නට හැකි විය.  දැං අපට වෙන කරතව්‍යයක් නැත. ඡායාරූපය අතින් අත යයි. සමහරු එය රැගෙන බාත්රූම් යයි. “ ඕකේ හලන්න එපා.. “ තවෙකෙක් කෑ ගසයි.

ඇගේ මේ රහස දැන් බැජ් එක තුල රහසක් නොවේ. කොල්ලන් මාන බලන්නේ කෙස් හෝ ඇය කොටුකරගන්නය. නමුත් අැගෙන් ඉල්ලන්නට ගිය කොල්ලන් සියළු දෙනාටම හොද ලුණු අැඹුල් පදම අැතිව අසාගන්නට හැකිවී අැත. එ් අානුභාවයෙන් අැගේ නිරුවත් සේයාරුව අන්තර් ජාලය තුලද කරක්ගසන්නට විය.

කාලය ගෙවී යයි ඇය ඇයගේ ක්‍රියා පිළිවෙත වෙනස් නොකරයි. ඇය විශ්වවිද්‍යාලයෙන් එපිට දී පිරිමින් සමග යහන් ගතවන්නියක් බව බැජ් එකේ සැවොම දනී. එසේ දන්නා බව ඇයද දනී. “පැල්වත්තෙ ගොනා” ඇගේ රහස් අනුවර්ථ නාමයයි. නාහෙට නාහන එවුන් ඉදහිට ඇයට ඇසෙන්නට එසේ කෑගසයි. ඇගෙන් එයට සිනහවක් හැර වෙනත් ප්‍රතිචාරයක් නොලැබෙයි..

රජයේ ලිපිකරු විභාගය පැවැත්වූ යේ අප තුන්වන වසර සිටියදීය. ඇයද එහි පෙනී සිට ඇත කෙසේ හෝ ඇය ඉන් සමත් වී ඇත. සිව්වන වසර මුල වන විට ඇය ලිපිකරු පත්වීමක් ලබන්නීය. දැන් ඇගේ විශ්වවිද්‍යාල ගමන සිදුවන්නේ යටල මහටය. සතියකට දිනක් පැමිණ භාරදීමට ඇති නිබන්දන සියල්ල සකස්කර භාර දෙයි, සටහන් සියල්ල පිටපත් කරගනී, ඉක්මනින්ම ඇය පිටව යයි..

“ඔය ආපු ගමන් යන්නේ ඔපිස් එකේ එවුන්ට දෙන්න වෙන්න ඇති’’

ඇගෙන් බැනුම් ඇසූ සගයෙක් ද්වේශයෙන් පවසයි. ඇගේ සිතේ ද්වේශයක් නැත ‍දැන් බොහෝ දෙනෙකු ඇය හා හිතවත්ව ආශ්‍රය කරයි. සිව්වන වසර අවසාන සමාසිකය වන විට සියලු විශයන් ඇය සාමාන්‍ය මට්ටමින් සමත්කරගෙන තිබිණ. අවසාන සමාසිකයෙහි සියල්ලන්ට ප්‍රධාන අභියෝගයක් වූයේ ලබා දිය යුතු ව්‍යාපෘති වාර්ථාවයි. මෙය කණ්ඩායම් ව්‍යාපෘතියක් වූ අතර ඇය, මා සහ තවත් හය දෙනෙකු අපේ කණ්ඩායමේ විය.

“අපි සීනි ෆැක්ට්‍රිය ගැන ප්‍රොජෙක්ට් එක කරමු , ඒකෙ විස්තර හොයාගන්න එක ලේසියි”

අදහස ආවේ ඇගෙනි. දීර්ඝ වශයෙන් කරන ලද සාකඡ්ඡා වට කිහිපයක් අවසා‍නයේ තොරාගත් අංශ කිහිපයක් ඔස්සේ ව්‍යාපෘතිය සිදුකිරීමට කණ්ඩායමේ සියල්ල එකඟවිය.

“හරි ඔක්කොම වැඩ ටික කරගෙන ලබන දහවෙනිදට ෆැක්ට්‍රියට යමු”

ඒ අදහස කණ්ඩායම් නායකයාගෙනි,

“හරි දවල් කෑම පොඩ්ඩිලාගේ ගෙදරන් ගන්න පුළුවන්නේ”

“හම්... හරි අපේ ගෙදරින් දවල් කෑම එහෙනං”

සියල්ල යොදාගත් පරිදි සිදුවිය. උදෑසන නවය වෙද්දී ‍ෆැක්ට්‍රියට ගිය අප සවස දෙක පමන වනවිට බොහෝ තොරතුරු සොයාගෙන අවසන් විය. පොඩ්ඩී ගේ දැනුම් දීම පරිදි අප යන විට අපට අවශ්‍ය තොරතුරු ගොණුකර සකස්කර තිබිණ.

බුත්තල පස්සර මාර්ගයේ හැතැක්ම පහක් පමන ගොස් තවත් අතුරු මගක හැතැක්ම බාගයක් පමන දුරක් ගියපසු පොඩ්ඩිගේ නිවස  විය. ගඩොලින් බැද, උළු සෙවිලි කළ, කපරාරු නොකල, දොරක් සවිකළ, ජනේල සවිනොකල, නිවසෙහි ජනේල ඉටිකොල වලින් ආවරණය කර තිබිණ. නිවසෙහි මිදුලෙහි වැලිගොඩක් සහ අපිළිවෙලට සිටවූ මල් ගස් කිහිපයක් විය. වැට අයිනට වන්නට මිරිස්පැල කීපයක් පලා පාත්තියක්, බටු ගස් කිහිපයක්, කරපිංචා ගසක් රම්පේ පඳුරක් ද විය. නිවසෙහි සවිකර ඇති විදුලි මීටරයෙහි පාඨාංකය දුටු මාහට අවබෝධ වූයේ නිවසට විදුලිය ගෙන මාස දෙක තුනකට වඩා කල් නොවන බවය.

“අම්මා..........“

අප නිවසට ඇතුළුවන විටම දිව ආ වයස අවු 3 ක පමණ කුඩා පිරිමි දරුවෙකු දිවැවිත් පොඩ්ඩීගේ ඇගේ එල්ලුණි,

“කෝ පුතේ ආච්චි අම්මා.., “

දරුවා දැතින් ඔසවන ගමන්ම ඇය විමැසීය. අප එකිනෙකාගේ මුහුණු බලා ගතිමු. සියළු දෙනාම තූෂ්ණිම්භූත වී අැත.

“මේ මගේ දරුවා... “

“ෂා... පොඩ්ඩි වගෙමයි පොඩ්ඩත්“

අමාරුවෙන් වචන සොයාගත් එකියක් පැවසීය. අප සමග පැමිනි කෙළ්ලන් තිදෙනා පොඩ්ඩී ද දරුවාද සමග නිවසෙහි පිටුපසට ගිය අතර සාලයෙහි තනිවූයේ අප කොල්ලන් හතර දෙනා පමණී..‍

“යකෝ මෙහෙම සීන් එකක් දන් නෑනේ, දන්නනවනම් පොඩි එකාට මොනවහරි ගෙන්න තිබ්බා“

“මේකි හාන්කවිස්සියක්වත් ඇගෙව්වෙ නෑනේ“

“ෂිහ්.. අපිට මේකි ගැන තව ටිකක් හොයන්න තිබ්බේ“

වැව් මාළු, මඥ්ඥාක්කාත්, පොල් සහ සැර මිරිස් දමා සාදන ලද සම්බෝලයකුත්, එලවලු වර්ග දෙකකුත් සමග බත් එදින දහවල් අප සඳහා පිළියෙල වී තිබිණ.

 “කෝ බං ලමයගේ තාත්තා“  

දිවා ආහාරයෙන් පසු සියළු දෙනා එක්ව සාලයට වී කථා බහ කරමින් සිටින අතර තුර අපිත් එක්ක ගිය එකිකයක් විමැසීය. ජනෙලයට ගසා තිබූ ඉටිකොලයක ඉරී ගිය කොටසක් අතරින් අහස දෙස බලා සිටී පොඩ්ඩී.

“මගේ ජීවිතේ මං මුලින්ම වරද්ද ගත්ත, මං එක්ක නිදියපු මිනිස්සු ගානවත් මට දැං මතක නෑ, ඉතිං ළමයගේ තාත්තා කවුද කියන්න මමවත් දන්නෑ බං, රටේ ලෝකේ මිනිස්සු මට අැති පදං කතන්දර කිව්වා, කොහොම හරි ලමයව හදාගෙන මේ තත්වෙට අාවා, ඉස්සරහත් මගේ ජීවිතේ මේ පොඩිඑකා විතරයි, මට ආයේ මිනිස්සුනං ඕන නෑ”

කවදාවත් ‍නැතිව පොඩ්ඩීගේ නෙතේ කඳුලක් නලියනු දුටිමි.
-----------------------------------------------------------------------------------------------------------------------------
ප/ලි
අළුත් අවුරුද්දට පොඩ්ඩිට කථාකළා,  දැන් කොල්ලා නමය වසරේ. කියපුවගේම තාම බැදල නෑ. යංතං ගේ වැඩ ටික ඉවර කරගත්තලු.
පහුගිය දවසක බස්සි දාපු මේ පොස්ට් එකේම දිගුවක්  විදියට දාන්න හිතුවා..

නං ගං වෙනස් කර අැත...

Monday, April 21, 2014

හාවාගල

හොදරයා කියලා කව්ද මනුස්සයෙක් ටික කාලයක් මගේ බ්ලොග් එකට ආවා ගියා එයාවත් අර දිලිනි කියන (හොව් හෝව් මේ මොනාද මේ) මම කියන්න ගියේ සහෝදර ගිය සතියේ දාපු පොස්ට් එකේ තිබ්බා හේනක රැයක්පහන් කල හැටි. ඉතිං මොකද මාත් කල්පනා කරා පඳුරක් තලල නයෙක් එහෙම අරින්න ඕන කියල වන ගතවුනු සිද්දියක් අතාරින්න ඔන කියලා. ඕං ඉතිං ඕන මළදානයක් වෙන්න කියල කුඩාප්‍රමාණයේ නයෙක් අරින්න තමයි ලෑස්තිය..

මේ වෙනකොට ඒ අපි හිටියේ කැම්පස් එකේ තුන්වෙනි අවුරුද්දේ. කැම්පස් එකේදී ඉගනගත්තේ ඉඩං කඩං එහෙම මනින්න තමයි. මේකදි අපිට තිබුනේ ප්‍රායෝගික පරීක්ෂණයක්. ඒ තමයි ත්‍රිකෝනමිතික ලක්ෂයන් මැනුම් කටයුතු කිරීම සහ නව ත්‍රිකෝනමිතික ලක්ෂයන් පිහිටුවන එක. ඕං ඉතිං කැතිපොලු, කඩු කිනිසි දොරපොලු, වැටඉනි, කොහුඉදල්, ඉලපත් එහෙම අරගෙන මගේ පස්සෙන් පන්නන්න එපා මොකක්ද මේ කියන අන්ඩර දෙමල කියල.

හරි මුලින්ම අපි බලමු ත්‍රිකෝනමිතික ලක්ෂ කියන්නේ මොනවද කියල..

සරලවම කිව්වොත් ඉස්සර මුලු ලංකාවෙම මැනුම් කටයුතු කරල තියෙන්නේ භූමිය ත්‍රිකෝනවලට බෙදා ගෙන රූපය 1 න් පෙන්නන්නේ ලංකාව මුලින්ම තිකෝනවලට බෙදාගෙන තිබිච්ච හැටි.. රූපය 2 විදියට තමයි ත්‍රිකෝනමිතික ලක්ෂ ජාලගත වෙලා තියෙන්නේ.. මේ වගේ ලක්ෂ මූලික කරගෙන තමයි ලංකාවේ ඉඩකඩං එහෙම මැනල තියෙන්නේ. දන්නවද ලංකාමේ මුලින්ම මේ වගේ ලක්ෂ දෙකක් යා කරල කපපු රේඛාව තමයි අද බේස් ලයින් පාර කියල භාවිතා කරන්නේ..හං හං
මේ ත්‍රිකෝනමිතික ලක්ෂ හතර වටේම බලාගන්න පුළුවන් විදියට උස් කදු මුදුන්වල තමයි පිහිටුවාගන්නේ. පිදුරුතාලා ගල, කඳවෙල, ගොන්ගල, කිරිගල්පොත්ත වගේ කදුමුඳුන් වල මෙම ලක්ෂ පිහිටුවල තියෙනවා...
දැනට ඒ ඇති..

රූපය 01. ඉස්සර ලංකාව ්‍රිකා්ණවලට බෙදපු හැටි 


 රූපය 02.  ත්‍රිකෝන ජාලය


කොහොමින් කොහොම හරි රූපය 2 තියෙන ආකාරයට අපි තිකෝණමිතික ලක්ෂ පිහිටුවාගන්න ඕන ඒ අතරේ අපි දැනට අක්ෂාංශ සහ දේශාංශ නිවරදිව ගණනය කරන ලද ලක්ෂ දෙකකුත් තියෙන්න ඕන (පැරණි ලක්ෂ)

ඕං මේ රූපය 3 තියෙන්නේ අපේ ඈයෝ සෙට් එක තෝරාගත්ත කඳු ටික. හරි එහෙනං මේ නයා අරින විදානෙත් ඇතුළු 17ත් දෙනෙක් ගියපු හාවාගල කියන කන්ද තමයි මේ රූපය 4 පෙන්න තියෙන්නේ. මේ කන්ද මුහුදු මට්ටමේ ඉදල මීටර් 1330 ක් විතර උසයි කොළඹ, බදුල්ල මාර්ගයේ බෙලිහුල්ඔය ආසන්නයේ තමයි මේ හාවාගල කන්ද තියෙන්නෙ. කූඩාරං හතරකුත් කරේ තියං උයන්න පිහන්න ඕන කලමනා එහෙමත් අරගෙන හිරි හෙල් පහුකරගෙන හැතැක්ම 5ක් විතර කන්ද නගින එක තමයි ගේම. ඒත් ඉතින් මගදී හීනියට එකක් නමා ගත්තම කන්ද උඩට යනවා නිකං වයින් කරලා වගේ. කොච්චර අමාරුවෙන් හරි  කන්ද මුදුනට ගියාම දකින්න තියෙන දර්ශනේ නම් අතිශයින්ම සුන්දරයි එක පැත්තකින් මුළු සමනල වැවමත් තව පත්තකින් හපුතලේ කන්දත් තව පැත්තකින් ලොකාන්තයත් පහලින් බලන්ගොඩ නගරයත් මේ හැම එකක්ම හීන් මීදුමක් අතරින් පේනකොට හරිම සුන්දරයි..

3 රූපය - අපේ ඈයෝ ගිය කඳු

4 රූපය - හාවාගල කන්ද
මුලින්ම කූඩාරං ටික එහෙම ගහලා බීලා කාලා එහෙම නමෝ විත්තියෙන් වැඩ පටන්ගන්නවා..

මේ ප්‍රැක්ටිකල් එක දවස් දාහතරක් තියෙනවා රැයවල් 13ක්.  මනින්න තියෙන්නේ රෑට මෙන්න මේ 5 රූපයේ විදියට අට්ටාලය සකස් කරල ඔය ඉටිකොලේකින් ආවරණය කරල තියෙන තැන ප්‍රැට්ටෝල් ලාම්පුවක් තියනව ඔය රූපෙ පහලින් තියන ත්‍රිපාදය උඩ තියොඩොලයිටුවක් සවිකරල අනික් කඳුවල ඈයොත් මේ වගේම පත්තුකරපු පැට්ට්‍රොල් ලාම්පු එලි වලට ටාගට් කරල මයිනව ඉතිං.



5 රූපය  - පහතින් දිස්වන්නේ සමනල වැවයි

කුඩාරං එහෙම ගහගෙන දවස් ගානක් මනුස්ස වාසයක් නැති කන්දක් මුදුනේ සති දෙකක් බීල උයාගෙන පිහාගෙන කාල ඉන්න එකත් ආතල්ම සීන් එකක්..


6 රූපය - බඩු පොදි බැඳ

7 රූපය - නගින අතරමග

උදේ පාන්දරම තමයි ඉතින් ගේම තියෙන්නේ ඒ කියන්නේ වචනයේ පරිසමප්ත අර්ථයෙන්ම බොග දාන එක, ලීටර් එක හමාරක මෙහා බෝතලේකට පුරවගත්ත වතුර එකක් එක අතකිනුයි අනිත් අතින් අඩි දෙක හමාරක මිටක් ගහපු උදැල්ලකුත් අරගෙන හීතලේ කට කට ගගා වෙව්ල වෙව්ල හිමීහිට පල්ලම් බහිනවා. හීන් සීරුවේ තමන්ට අවශ්‍ය ගාන්ට වලක් එහෙම කපාගෙන සීරුවෙන් වාඩිවෙවනවා එත් උදේ පාන්දර තනකොල අතර රැදි සීතල පිණිබින්දු පශ්චාත් භාගයේ වදින ඒ සුන්දර අත්දැකීම දැනෙනකොටම අනිච්චානුගතිකවම දනිස්දෙකෙන් චුට්ටක් ඉස්සෙනවා කොහොමින් කොහොම හරි වැඩේ කොරල අහවර වෙලා හාරපු වලත් වහල එතනින් කොටුවකුත් හිටෝල අර ගෙනාපු මෙගා බෝතලේ දකුණු අතින් අල්ලල කොදුඇට පෙළේ පහලහරියට කට තියල කොදුනාරටිය දිගේ වතුර ටික වක්කරනව. අනේ අම්මෝ අයිස් කැට වගේ වතුර ටිකක් ඒ වගේ වැටෙන කොට තියෙන සනීපෙ හ. කොහොම හරි වං අතේ උදවුවෙන් හෝදල එහෙම අහවර කරගන්නවා. ඕං ඉතින් වැඩේ නිට්ටාවටම අහවර උනැයින් පස්සෙ ඉතුරු වතුර ටිකෙන් අතත් හෝදගෙන ගලෝල අත්තක එල්ලපු සරමත් ඇඳගෙන වීරයා වගේ ආපහු එනවා.

 මේදවස් ටිකේ කාපු කෑම විතර රස කෑමක් ආයේ ජීවීතේ කිසිම තැනකදී කාල නැතුව ඇති, කන්නේ පරිප්පුයි පොල් සම්බලුයි බතුයි උනත් එක හරිම රසවත් අපේ කණ්ඩායම් නායකයයි ආහාර පාලකයයි එකතුවෙලා එදා දවසට කන්න දෙන්න ඕන මෙනු එක හදනවා අපිත් එක්ක ගිය උයන පිහන අංකල්ල දෙන්නා ඉතනින් ඒ මෙනු එකට කෑමටික හදනවා ෂැහ්..... මතක් වෙනකොට ආයේ යන්න හිතෙනවා.. 

8 රූපය - කෑම උයපු අත් හතර


 9 රූපය - කෑමට පෙර

මේ පට්ට හීතල කන්දෙ සීතල දුරුකරගන්න එකත් ලේසි පාසු කටයුත්තක් නෙවෙයි ඉතිං නොදැනුවත්ම වගේ දවසකට සීල් බොතල් දහයක් දොලහක් විතර ඉවරවෙනවා.. ඇයි ඉතන් අපි 17 විතරයැ අපිව බලන්න කියල තවත් දහ පාලොස් දෙනෙක් කන්ද නගිනවනේ. මේ එන ඈයොන්ටත් එක්ක බොන්න සප්ලයි කරනඑක් තමයි විදානෙගේ රාජකාරිය වෙලාතිබුනේ. නොදෝකිං මේ අපිව බලන්න කියල කන්ද නගින එවුන් සීල් බොතල් ටිකක් උස්සන් ආවට ඒවට ඕන කරන අඩුම කුඩුම උස්සන් එන් නෑනේ. සිගරට් සැන්ඩි එහෙම තියාගන්න එක තමයි පට්ටම අමාරු. 

දවසක් රෑ ගෙනාපු සිගරට් ටික මුන් ටික වෙලාසනින්ම ඉවර කළා. දැං මුං මාව කන්න හදනවා සිගා දියන් සිගා දියන් කියල, බැරිම තැන ගෙනාපු සුරුට්ටු වගයක් හීනියට ලියල ඔතල දුනනා ටික වෙලාවක් යනකං ඒකෙන් අල්ලල හිටිය ඒකත් ඉවරකල ආයේ මාව කන්න හදනවා.. ෂැහ් දැං මොකද කරන්නේ ගෙනත් තිබ්බ බීඩි මිටි තුන හතරක් තිබ්බා ඒටික ගෙනත් දුන්නම මුන්මට බනිනව ඉවරයක් නෑ....

ඈ.. @#තෝ අපි කවුරු කියල හිතුවද බීඩි බොන්න

#%$#$^@^$^ 4^ 97ඩඉ $^$^ &^&#4 @#% 768  $%^%$&^ &^& # $%^$^ 

මොකද කරන්නේ මේකෙන් ගැලවෙන්නත් එපාය ගත්ත බීඩියක් ඒකේ අනික්පැත්ත කටේ තියන් පත්තු කරා, මං දැං පැත්තකට වෙලා හීනියට බීඩිය ගහන ගමන් එකෙකුට කිව්වා.

බීඩිය අනික් පැත්තෙන් බොනකොටට පට්ට ආතල් ඕයි..

දෑං ඌත් අරගත්ත.. මිනිහ ෂේප් අන්තිමට හිටපු හැමෝටම එලිවෙනකං බීඩි දෙන්න උනා අළුත් ඉස්ටයිල් එකට ආතල් ගන්න..

හවස් වෙනකොට ටූනමන්ට් එක ඒ කියන්නේ ප්ලාස්ටික් බොලෙකින් ක්‍රිකට් ගහනවා (ටෙනිස් බොලවලින් ගහුවොත් එක පාරයි කන්ද පාමුල) 17 දෙනා කණ්ඩායම් තුනකට බෙදිලා ලීග් ක්‍රමේට ක්‍රිකට්. හැම තිස්සෙම ලීග්. දෙයියනේ කියල කවදාවත් ෆයිනල් එකක් තියන්න හම්බුන් නෑ. හැම රෑකම බොන්ගෝ එකයි චල් එකයි එක්ක සිංදු අම්මෝ එළිය වැටෙනකං හරි සිංදු කියන අපි වැටෙනකං හරි. හඃ... 

10 රූපය - දැන්වීම් පුවරුව

11 රූපය - ගබඩා කූඩාරම, බොන්ගෝ එක සහ සී.ජේ විදානේ හඃ හඃ.. 

මෙකී නොකී දහසකුත් ආතල් මැද මේ සුමාන දෙක පට්ටම සුන්දර විදියට ගෙවිලා ගියා.. දැං ඉතිං අහන්න එපා ප්‍රැක්ටිකල් එකට මොකද උනේ කියලා. ඒකත් නියමෙට කෙරිල, 
12 රූපය - සොඳුරු දසුන්


13 රූපය - සොඳුරු දසුන්
14 රූපය - පැද්දෙන පුටුව
15 රූපය - ගෝනි මත විවේකීව



-------------------------------------------------------------------------------------------------------------------------

Friday, April 18, 2014

එන්න, එන්න......

ග්‍රීස් ගහේ මුදුෙන තියෙන කොඩිය කඩන්න,
ගස් ලබ්බේ අැතුලෙ තියෙන අැට පන්නන්න,
අැස් නැති අලි පැටියට අැස් අැති කරවන්න,
අන්ධයන්ට එන්න කියමු කිරි කව්වන්න...
 
එන්න රොත්ත පිටින් හතර වටින් එන්න,
ලිකර් එකෙන් බඩුත් අරන් එන්න,
විසිවෙනිදට පැලවත්තට එන්න,
අවුරුද්දට සෙට් වෙනවා මෙන්න....
 
තට්ටෙ තියෙන බ්ලොගර්ස්ලාව මුට්ටි කරන්න,
මුට්ටි බිඳින හැටි දැකලා චියර් කරන්න,
කොට්ට දෙකක් අරන් වරෙන්  පොර අල්ලන්න,
රෑ වෙනකං ගී කිය කිය විනෝද වෙන්න...
 
එන්න රොත්ත පිටින් බයිට් හදන් එන්න,
ලේඩීස්ල වයින් අරන් එන්න,
බනිස් කන්න උදේ නොකා එන්න,
සයිබරයේ සුපිරි උෙළල මෙන්න...

කෙන්ජි ජපන් සැට් එකක්ම බෙදලා දෙන්නේ..
මාතලනුත් හුලං ගහයි කියල කියන්නේ...
කතන්දරයි, විචාරකයි එනවයි කිව්වේ..
නලීන්, සසිදු මෙදා ගේම අැදගෙන යන්නේ...
 
දවල් බතුයි බොන වතුරයි දෙනවයි කිව්වේ...
ග්‍රවුන්ඩ් එකේ වැට වටේට සෙනග පිරෙන්නේ...
මෙහෙනැති අය රට ඉදගෙන හුරේ කියන්නේ...
විසිවෙනිදා ඔබ අාවොත් තමයි වටින්නේ...

ජය වේවා!!!
-------------------------------------------------------------------------------------------------------
-------------------------------------------------------------------------------------------------------

පලි..
20 ඉරිදා එන්න....